පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දිවාරාත්‍රී ටෙස්ට් තරගයේ අවසන් දිනය තීරණාත්මක දිනයක් බවට පත්කරමින් අසාඩ් ශාෆික් හා සෆ්රාස් අහමඩ් නොදැවී අර්ධ ශතක වාර්තා කරමින් පාකිස්තානය නැවතත් තරගයට ගෙනෙවිත් සිවුවැනි දිනය වූ සඳුදා (ඔක්තෝබර් 09දා) තරගය නිමා කළේය.
ලකුණු 317ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායමින් සිටි පාකිස්තානයේ මුල් කඩුලු 5 ලකුණු 52කට දැවී ගියත් අසාඩ් ශාෆික් 86* හා සෆ්රාස් අහමඩ් 57* ලෙස ලකුණු රැස්කරමින් පාකිස්තානයේ නිවැරදි තරග රටාව විදහා දැක්වූයේ හයවැනි කඩුල්ලට ලකුණු 146ක නොබිඳුණු සබඳතාවක් පවත්වමිනි. ඒ අනුව සිවුවැනි දින නිමාවන විට පාකිස්තානය කඩුලු 5ට ලකුණු 198ක් රැස්කරගෙන සිටියේය.
පාකිස්තානයට තවත් ලකුණු 119ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය අතර එය යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් සාෆික් හා සෆ්රාස් කඩුල්ලේ රැඳී සිටීම අනිවාර්යය වෙයි. ඒ හරහා ඔවුන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සිය අඛණ්ඩ අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට අවස්ථාව තිබේ. 2009 වසරේ පටන් ඔවුන් එක්සත් අරාබි එමීර් රජ්‍යයේදී ටෙස්ට් තරගාවලි 9කට ක්‍රීඩා කර ඇති අතර එයින් තරගාවලි පහක් ජයගැනීමට සමත්ව ඇති අතර හතරක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.
පාකිස්තාන පුහුණුකරු මිකී ආතර් විශ්වාස කරන්නේ සාෆික් හා සෆ්රාස් කාර්යය නිමා කරනු ඇති බවයි. “ අපිට නව පන්දුවට පොරාතුව තවත් පන්දුවාර 7ක් තිබෙනවා. අපි ඒ පන්දුවාර හතෙන් උපරිමය ගන්න ඕන. ඒක ඉතාමත් හොඳ සැසියක් වේවි. අපි කැමතියි මේ සබඳතාව ඉදිරියට ගොස් තරගය ජයගන්න”
සාෆික් මෙම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කළේ ඉනිම 12කට පසුවය.ඒ හරහා ඔහුට කළ හැකි දේ කුමක්දැයි නැවතත් පෙන්වීය. ඩිල්රුවන් පෙරේරාගේ (76/3) සුපිරි පන්දු යැවීමත් කුසල් මෙන්ඩිස්ගේ සමීප පන්දු රැකීමෙනුත් ආරක්ෂා විමට මෙම පිතිකරුන් දෙදෙනා සමත්වුහ.
ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන් නියමිත ස්ථානට පන්දු යොමුකළ අතර ඩිල්රුවන් හා රංගන ප්‍රතිවාදීන් ආක්‍රමණය කිරීමට පන්දු යැව්වේය. කෙසේ වෙතත් රංගන හේරත්ට කඩුල්ලක් ලබා නොදීමට පාකිස්තානය වග බලා ගත්තේය.
සිවුවැනි දිනය ආරම්භ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම 34/5ක් ලෙස දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින විටය. ලකුණු 96ට කණ්ඩායම දැවී යන විට අවසන් කඩුලු පහ තවත් ලකුණු 62ක් කණ්ඩායමට රැස්කළේය.එය පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවද වෙයි. සොහායිල් එක් පන්දුවාරයකදී කඩුලු තුනක් දවා ගැනිමට සමත්විය. හේරත් පළමු පන්දුවෙන්, කුසල් සිවුවැනි පන්දුවෙන් හා ප්‍රදීප් අවසන් පන්දුවෙන් දවා ගැනීමට ඔහු සමත්විය. ටෙස්ට් තරගයකදී එක් පන්දුවාරයක් යොමුකර කඩුලු තුනක් දවාගත් ලෝකයේ එකම හා පළමු පන්දු යවන්නා ලෙසත් සොහායිල් වාර්තා අතරට එක්විය.
වහබ් රියාස් 4/41ක් ලෙසත් සොහායිල් 3/1ක් ලෙසත් සිය පන්දු යැවීම අවසන් කළෝය.
ඒ හරහා පාකිස්තානයට තරමක ඉලක්කයක් හිමිවූ නමුත් ඔවුන්ගේ කඩුලු වැටීම වේගවත් විය. නමුත් පාකිස්තානයට වාසනාව තිබුණි. පළමු පන්දුවාර පහේදී කඩුලු තුනක් ලබාගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවිය.
ශාමි අස්ලාම් නිපන්දුවකට දැවී ගියේ. නමුත් රූපවාහිනී දර්ශන වලින් පෙනුනේ එය නිපන්දුවක් නොවන බවයි. නමුත් ගමගේ එයින් නොසැලුණි. ඔහු තවත් පන්දු දෙකක් තුළදි අස්ලාම්ව දවාගත්තේය.
අසාර් අලී අවස්ථා දෙකකදී කඩුල්ල මුවා කිරිමේ වරදට හසුවුවත් දෙවැනි අවස්ථාවේදී ඔහු දැවී නොගියේ විනිසුරුගේ තිරණය හේතුවෙනි. නමුත් පසුව ඔහු ලකුණු 17ක් රැස්කරගෙන සිටියදී උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්විය.
කණ්ඩායමේ ස්ථානය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පීඩනයක සිටින ශාන් මසූඩ් දවා ගනිමින් ඩිල්රුවන් සිය කඩුලු ලබා ගැනීම ආරම්භ කළේය. පිතිකරණයේ උසස්වීමක් ලබා ඉහළින් පැමිණි සොහායිල්ද ඩිල්රුවන් හමුවේ පරාජයට පත්විය. බාබර් අසාම්ද තවමන් තමන් ටෙස්ට් තරග සඳහා අනුචිත බව පසක් කරමින් දිවා ආහාරයට විනාඩියකට පෙර දැවි ගියේය. එය ඔහු ලකුණු නොලබා දැවී ගිය 6 වැනි අවස්ථාව මෙන්ම දැවී ගිය 16 වැනි අවස්ථාව විය.
නමුත් පසුව සාෆික් හා සෆ්රාස් සටන් කරමින් තරගය නැවත්ත් විවෘත කළේය.