ආබාධයකට ලක්වීම හේතුවෙන් මේ වනවිට ක්‍රිකට් පිටියට තාවකාලිකව සමුදී සිටින දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටෙයින් ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ශ්‍රී ලංකාවේදී ආරම්භවීමට නියමිත ක්‍රිකට් තරගාවලිය හරහා නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට සූදානම් වෙමින් සිටියි.
මෙම ආබාධ හේතුවෙන් ඔහුට දකුණු අප්‍රිකා - ඔස්ට්‍රේලියා තරගාවලියද අහිමි විය.
කෙසේ වෙතත් එළඹෙන ජුනි මාසයේදී පවැත්වීමට නියමිත එංගලන්ත දේශීය ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා තරගාවලියට සහභාගිවීම කෙරෙහි ඔහුගේ අවධානය යොමුව තිබේ.
2015 වසරේ පටන් ආබාධවලට මුහුණ දෙන් ස්ටෙයින් එම වසරේ සිට ටෙස්ට් තරග 4කට හා එක්දින තරග 4කට පමණක් ක්‍රීඩා කර ඇත.
“මට පන්දුවාර 12-15ක් යොමු කරන්න පුළුවන්. නමුත් එය ටෙස්ට් තරගයකදී ප්‍රමාණවත් වෙන්නේ නෑ. මම තවත් මසක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටිනවා. මම අයි.පී.එල්. ක්‍රීඩා කරන්නෙත් නෑ. නමුත් ජුනි මාසයේදී හැම්ප්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තරගාවලියට සම්බන්ධවීමට අපේක්ෂා කරනවා” යැයි ස්ටෙයින් පවසා ඇත.