ක්‍රීඩා ලෝකය දැඩිව කැළඹුනු ඔස්ට්‍රේලියානුවන් විසින් පන්දුව පළුදු කිරීමේ සිදුවීමත් සමගම ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ගේ නායකත්වයට අර්බුදයක් මතුවේදැයි කරුණු පැනනැගී තිබේ.
මේ ස්ම්බන්ධයෙන් ස්ටීව් ස්මිත් නැවතත් තම නායකත්වය යටතේ මෙවැනි සිදුවීමක් සිදු නොවන බවටත්, තම නායකත්වය හැර යාමේ අදහසකින් පසු නොවෙන බවත්, ඔහු සිතනා පරිදි නායකත්වය සම්බන්ධයෙන් ගැලපෙනම පුද්ගලයා තමන් බවත් ඔහු මාධ්‍යයට පවසා ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් දැඩිව තම අප්‍රසාදය පළකර ඇත. එසේම මෙම සිදුවීමට පුහුණුකරු ඩැරන් ලීමන්ද සම්බන්ධයැයි ඇතැම් වාර්තා පවසයි.