එංගලන්ත පළමු පෙළ සරේ කණ්ඩායම වෙනුවෙන් වසර තුනක කාලයකට එක්ව දක්ෂතා දැක්වූ කුමාර් සංගක්කාරට එම කණ්ඩායම විසින් යාවජීව සාමාජිකත්වය පිරිනමා තිබේ.
ඒ පසුගියදා පැවැති සරේ ක්‍රිඩා සමාජයේ උළෙලේදීය මෙහිදී සංගාට සම්මාන පහක් හිමිවිය. සාමාජිකයන්ගේ වසරේ ක්‍රීඩකයා, වසරේ ක්‍රීඩකයා, කියා වසරේ ක්‍රීඩකයා හා වසරේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩකයා යන්න අනෙකුත් සම්මාන හතරයි.
සරේ කණ්ඩායම වෙනුවෙන් මෙන්ම පළමු පෙළ ක්‍රිකට්හි අවසන් තරගයට සංගා ඊයේ (25දා) ක්‍රීඩා කිරීම ආරම්භ කළේය.
මේ අතර සම්මාන උළෙලේදී කෙටි දේශනයක් කරමින් සංගා පවසා ඇත්තේ තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කිරීමට ගත් තීරණය ගැන මහේල ජයවර්ධන සමග කතා කළ විට ඔහු පිස්සුද? යැයි ප්‍රශ්න කළ බවයි.
“ග්රැහැම් ෆෝඩ් මට කණ්ඩායමට එක්වීමට ආරාධනා කිරීම ගැන මම මහේලත් සමග සාකච්ඡා කළා. එවිට මහේල කිව්වේ ‘ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමෙන් පසුව ප්‍රාන්ත ක්‍රිකට් තරග, ඔබට පිස්සු?’ ලෙසයි. නමුත් මම සරේ කණ්ඩායමට ඇවිත් වසර තුනක් ගත කළාට පස්සේ මට හිතෙනවා එය මම ජීවිතයේ ගත්ත හොඳම තීරණයක් කියලා” යනුවෙනි.