ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා කළමනාකරු ලෙස කටයුතු කරන සයිමන් විලිස් මහතා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙයි. ඊට අදාළ ඉල්ලා අස්වීම ශ්රී ලංකා ක්රිකට් ආයතනයට යොමුකර තිබේ.
වසර තුනක කාලයක් සඳහා ඔහු ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමග ගිවිසුම් ගත විය. කෙසේ වෙතත් වසර දෙකක් පමණ ඔහු මේ දක්වා සේවය කර ඇත.