පාකිස්ථානු සුපිරි දඟ පන්දු යවන ක්රීඩක සයිඩ් අජ්මාල් ක්රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇත.
මෙවර ජාතික පන්දුවාර විස්ස ක්රිකට් තරගාවලියෙන් අනතුරුව හෙතෙම මෙම තීරණය ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඒ.ඒෆ්.පී. පුවත් සේවයට පවසා ඇත.
පකිස්ථානයෙන් බිහිවූ විශිෂ්ඨ මට්ටමේ දඟ පන්දු යවන්නෙකු වූ අජ්මාල් ටෙස්ට් තරග 35, එක්දින තරග 113 ක් හා පන්දුවාර විස්ස තරග 64 කදී පාකිස්ථානය නියෝජනය කළ අතර ඒම තරග වලදි කඩුළු 447 ක් දවා ලිමටද ඔහු සමත්ව ඇත.
2008 වර්ෂයේදී අන්තර්ජාතික ක්රිකට් පිටියට පා තැබූ අජ්මාල්ට , සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවීම හේතුවෙන් 2015 වර්ෂයේදී කණ්ඩායමෙන් ඉවතට විසිවිමට සිදු වූ අතර ඉන් අනතුරුව ඔහුට කණ්ඩායමේ ස්ථානයක් වෙන් නොවීය.
අජ්මාල් මේ වන සිය දිවියේ 40 වැනි විය ගෙවා දමමින් සිටියි