ඔස්ට්‍රේලියා හිටපු උපනායක ඩේවිඩ් වෝනර් ඉන්දියා ප්‍රිමියර් ලීගයේ සිය හයිද්‍රාබාද් සන්රයිසර්ස් නායකත්වයෙන් ඉවත්වෙයි.
දකුණු අප්‍රිකාවේදී ඔස්ට්‍රේලියානුවන් විසින් සිදුකළ පන්දුව පළුදු කිරීමේ වරදට මේ වන විටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් සහ ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයෙන් දඬුවම් ලැබී අවසන්.
එසේවුවත් එතැනිනුත් නොනැවතී ඔවුන් පිළිබඳ මැවෙන පුවත් අතරේ ස්ටීවන් ස්මිත් විසින් රාජස්ථාන් රෝයල්ස් නායකත්වය හැරයාම කතාබහට ලක්වුනා. ඉන් දින දෙකකට පසු නැවතත් එවැනි කතාබහක් ඇතිවන්නේ ඩේවිඩ් වෝනර් හයිද්‍රාබාද් සන්රයිසර්ස් නායකත්වයෙන් ඉවත් වීමත් සමගින්. තවමත් ඔහු වෙනුවට එම ස්ථානයට පත් වන නායකයා තීරණය කර නොමැති බවයි සන්රයිසර්ස් හයිද්‍රාබාද් කළමනාකාරීත්වය පවසන්නේ.