ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේදී විස්තර විචාරකයෙකු ලෙස ශ්රී ලංකාවේ හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර එක්ව සිටියි. ශ්රී ලංකා කණ්ඩායම හා දකුණු අප්රිකා කණ්ඩායම අතර මේ වන විට ඕවල් පිටියේ පැවැත්වෙන තරගයේදිද සංගා විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරයි.
අද තරගයේදී දිනේෂ් චන්දිමාල් දුවද්දි දැවී යාමකට හසුවූ අතර ඒ හේතුවෙන් දැන් පිටියේ සිටින නායක තරංග හා කුසල් පෙරේරා කඩුලු අතර දිවීමේදී සුපරික්ෂාකාරීව කටයුතු කරයි.
මෙහිදී අදහස් දක්වමින් සංගා පැවැසුවේ "චන්දිමාල්ගේ දැවී යාම අමතක කරමින් ශ්රී ලංකා ක්රීඩකයන් වේගයෙන් ලකුණු අතර දිය යා යුතු බවයි"