කැරිබියන් ප්රිමියර් ලීග තරගාවලියේදී කුමාර් සංගක්කාර නායකත්වය දරණ ජැමෙයිකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ඒ තරගාවලියේ දෙවැනි වටයේ තරගයකින් ඔවුන් ගයානා කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි. කැරිබියන් ප්රිමියර් ලීග තරගාවලියේ වත්මන් ශූරයන් වන්නේ ජැමෙයිකා කණ්ඩායමයි.
මුලින්ම පන්දුවට පහරදුන් ජැමෙයිකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 168ක් රැස්කිරීමට සමත්විය. එහිදී නායක කුමාර් සංගක්කාර නොදැවී පන්දු 38කදී ලකුණු 57ක් රැස්කළේය.
ලකුණු 169ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ගයානා කණ්ඩායම පන්දුවාර 17.5කදී කඩුලු පහක් දැවි ඉලක්කය පසුකර ගියේය. ලුක් රොන්කි පන්දු 33කදී වේගවත් ලකුණු 70ක් රැස්කරමින් කණ්ඩායමේ ජය තහවුරු කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර පහක් හා හතරේ පහර පහක් ඇතුළත්විය. තරගය ඊයේ (06දා) පැවැත්වුණි.