එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලිය සඳහා සරේ කණ්ඩායම නියෝජනය කරමින් තරග කරන කුමාර් සංගක්කාර එහිදී පිට පිටම ඉනිම දෙකකදී ශතක දෙකක් වාර්තා කිරීමට සමත්විය.
සරේ කණ්ඩායම හා වෝවික්ෂයර් කණ්ඩායම අතර පසුගියදා (21දා) ආරම්භ වූ තරගයේ සරේ කණ්ඩායමේ පළමු ඉනිමේදී ලකුණු 105ක් රැස්කිරීමට සමත්විය.
එසේම එම තරගයට පෙරාතුව සරේ කණ්ඩායම හා ලැන්කෂයර් කණ්ඩාම අතර අප්‍රේල් 14 දා ආරම්භ වූ තරගයේ දෙවැනි ඉනිමේදී සංගක්කාර ලකුණු 136ක් රැස්කිරීමට සමත්විය.
වෝවික්ෂයර් කණ්ඩායම හා සරේ කණ්ඩායම අතර පැවැත්වෙන තරගය අද (24දා) නිමාවීමට නියමිතය.
තරගාවලියේ තෙවැනි තරගයට ක්‍රීඩා කරමින් සිටින සංගා තරග තුනකදී ඉනිම පහකදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 358කි. එයට ශතක දෙකක් හා අර්ධ ශතකයක් ඇතුළත් අතර තරගයක සාමාන්‍ය 89.50ක් ලෙස සටහන් වෙයි.
ඔහුට සමස්ත ලකුණු සටහනේ හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි. තරග තුනකදී ඉනිම පහක් ක්‍රීඩා කර ඇති ගැරී බැලන්ස් ලකුනු 383ක් රැස්කරගෙන ඇති අතර ඔහු ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.