එංගලන්ත පළමු පෙළ සිව්දින තරගාවලියේදී සරේ කණ්ඩායම නියෝජනය කරමින් සුපිරි දක්ෂතා දක්වමින් සිටින කුමාර් සංගක්කාර එම තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් තරගයකදී ශතකයක් වාර්තා කිරීමට සමත්විය.
යෝක්ෂයර් කණ්ඩායමට එරෙහිව 12 දා ආරම්භ වූ තරගයේදී සංගා ලකුණු 164 ක් රැස්කළේ පන්දු 187කිනි. එයට හතරේ පහර 21ක් හා හයේ පහර කුනක් ඇතුළත්ය.
පළමු ඉනිම ක්රීඩා කළ සරේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 592ක් රැස්කළේය. කැරිබියන් ප්රිමියර් ලීග තරගාවලියට ක්රීඩා කරමින් සිටි සංගා එම තරගාවලියේදි ජැමෙයිකා කණ්ඩායම මෙහෙයවූ අතර කණ්ඩායම ක්රීඩා කළ අවසන් තරගය සැප්තැම්බර් 6 දා පැවැතියේය.
එම තරගයෙන් ඔවුන් පරාජයට පත්ව තරගාවලියෙන් ඉවත්වීමෙන් පසුව නැවතත් එංගලන්ත පළමු ඵෙළ තරගාවලියට ඔහු ක්රීඩා කරමින් සිටියි.
මෙවර තරගාවලියෙන් පසුව සංගා පළමු පෙළ තරගවලින්ද විශ්රාම ගැනීමට තීරණය කර තිබේ.