වසර 14 කට පසුව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්තය වෙනුවෙන් පිට පිට ශතක 5 ක් රැස් කළ පළමු ක්‍රීඩකයා වීමේ භාග්‍යය ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර විසින් හිමි කර ගත්තේය.
ඒ මේ දිනවල පැවැත්වෙන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදීය.
එහිදී සංගක්කාර මෙම දස්කම සම්පූර්ණ කලේ තරගාවලියේ එසෙක්ස් හා සසෙක්ස් අතර මේ වන විට පැවැත්වෙන තරගයේදී සසෙක්ස් වෙනුවෙන් නොදැවී ලකුණු 177 ක් රැස් කරමිනි. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී අවසන් වරට සරේ වෙනුවෙන් පිට පිට ශතක 5 ක් රැස් කොට ඇත්තේ ඔස්ට්‍රේලියාවේ මයිකල් හසී විසින් 2003 වර්ෂයේදීය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් සරේ කණ්ඩායමේ මුල් කඩුළු 5 ම ලකුනු 31 ක් තුළ බිඳ වැටෙද්දී සංගක්කාර දැක්වු මෙම දස්කම හේතුවෙන් ඊයේ (26) දිනයට තරගය නතර කරන විටදී සරේ කණ්ඩායම කඩුළු 7 කට ලකුණු 334 ක් ලබා ප්‍රභල තත්වයේ පසුවිය.
කෙසේ වෙතත් සංගක්කාර මෙම තරගාවලියෙන් අනතුරුව පළමුපෙළ තරග සඳහා සමුදීමට නියමිතය.