පාකිස්තානු කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු ෂාජීල් ඛාන්ට වසර 5 ක තරග තහනමක් පැනවීමට පාකිස්ථානු ක්‍රිකට් ආයතනය (PCB) පියයර ගෙන ඇත. ඒ මෙවර පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී සිදුකළ තරග පාවාදීමේ චෝදනා ඔප්පු විම හේතුවෙනි. මෙහිදී ෂාජීල් මෙම තරගාවලියේදී සිදු කළ තරග පාවාදීමේ චෝදනාවන් 5 කට වරදකරු වී ඇත.
තරග පාවාදීමේ චෝදනා එල්ල වීම හේතුවෙන් ෂාජීල් ඛාන් හා පාකිස්ථානු කණ්ඩායම නියෝජනය කළ තවත් ආරම්භක පිතිකරුවෙකු වන කලිඩ් ලතීෆ් පසුගිය පෙබරවාරි 10 වැනිදා සිට තරග තහනමට ලක් කිරීමට පාකිස්ථානු ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. මේ අනුව ෂාජීල් ඛාන්ගේ දඩුවම් කාළය ක්‍රියාත්මක වන්නේ එදින සිටය.
කෙසේ වෙතත් කලීඩ් ලතීෆ්ගේ දඩුවම් කාළය පිළිබඳ මේ වන තෙක් මාධ්‍ය වාර්තා නිකුත් වී නොමැත.