ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරිමට බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් සමත්විය. ඒ තරගාවලිය ආරම්භ කරමින් එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන් තරගයේදීය.
එහිදී මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තමීම් මෙම ශතකය වාර්තා කළේය. එය ඔහුගේ එක්දින දිවියේ 9 වැනි ශතකය වෙයි. පන්දු 124කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහර 1ක් හා හතරේ පහර 11ක් වාර්තා විය
බංග්ලාදේශ කණ්ඩායම තරගයේදී සාර්ථක ආරම්භයක් ලබාගත් අතර පන්දුවාර 39 ක් අවසානයේදී කඩුලු 2 ට ලකුණු 214ක් ඔවුහු රැස්කරගෙන සිටිති.