ශ්‍රී ලංකාවේ වාතය පිරිසුදු බවත් දිල්ලියේ වායු දූෂණය හා දුමාරය ටෙස්ට් තරගයට බලපෑමක් ඇත කළ බවත් ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් දවාන් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දිල්ලි නුවර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේ නිමාවෙනම් පසුව ඊයේ (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී දවාන් මේ බව සඳහන් කළේය.
"මම ඉපදුණේ හැඳුනේ දිල්ලියේ. මේ මාසයේදි වායු දූෂණය ඉහළයි. මේ මොහොතේදී හොඳ හිරු රශ්මියකුත් නැහැ. සමහර විට හිරු රශ්මිය තිබුණානම් දූෂණය අඩු විය හැකිව තිබුණා. මම හිතන්නේ නෑ ක්‍රිකට් ක්‍රීඩා කිරීම ගැටලුවක් කියා. ෂාමි ගැන කතා කළොත් ඔහු හොඳින්. ඔහු හොඳින් ක්‍රීඩා කරාවි.”
අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහොමයක් වෙනත් ප්‍රාන්තවලින් පැමිණි අය. ඔවුන් දිල්ලියේ මෙම දූෂණයට මුහුණ දී නෑ. නමුත් ඔවුන් රාජකාරියට අනියුක්ත වෙලා ඉන්නේ. දිල්ලයේ ක්‍රීඩා කරන විට ඇතැම් වෙලාවට ඔබට දූෂණය බලපාන්නේ නෑ.
මම කවදාවත් කියන්නේ නෑ දිල්ලියේ වායු දූෂණයක් නෑ කියා. සත්‍ය වශයෙන්ම දූෂණයක් තිබෙනවා. සෘත කාලයේදී දැඩි මීදුමක් තිබෙනවා. මොන තත්ත්වයකට වුවත් අපි හැඩගැසිය යුතුයි. ඔබ රටකට ක්‍රීඩා කරන විට ඔබ රැකියාව කළ යුතුයි”
දවාන් පවසන්නේ ශ්‍රී ලාංකිකයන් මෙවැනි තත්ත්වයනට මුහුණ දී නැති බවයි. එසේම ශ්‍රී ලංකාවේ වායුව ඉතාමත් පිරිසිදු බවද ඔහු පවසයි.
"සමහර විට ඔවුන් අපහසුතාවයට පත්වෙන්න ඇති, සමහරවිට ශ්‍රී ලංකාවේ දූෂණය අඩු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙරළ රැසක් පවතිනවා. වෙරළවල් වටා ඇති නගරයක් පරිසරය දූෂණයෙන් තොරයි.
සැබවින්ම මට අවශ්‍ය නෑ දිල්ලියේ දූෂණය හංගන්නෙ. "සමහර විට ඔවුන්ට එය ගොඩක් දැනෙනවා ඇති. මම දන්නේ නැහැ. නමුත් මම තවමත් අවධාරණය කරන්නේ අපේ වගකීම ඉටු කළ යුතුයි. එය ක්‍රිකට් ක්‍රීඩා කිරිමයි.”