ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොල්කටාහි පැවැති පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ අවසන් භාගයේදී ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම සඳහා කාලය ගත කිරීම ගැන ඉන්දීය කණ්ඩායම තරමක ආවේගයකින් කටයුතු කළේය.
මේ පිළිබඳව ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් අහදස් දක්වමින් පැවැසුවේ ඉන්දීය කණ්ඩායම එවැනි තත්වයක සිටියානම් කරන්නේද එය බවයි. “එය සාමාන්‍ය දෙයක්. අපිත් ඒ වගේ තත්ත්වයක සිටියානම් එවැනි දෙයක් කරන්න පුළුවන්. එහෙම තමයි ක්‍රීඩාව. කිසිවෙකුටත් තරගයක් පරාජය වෙන්න අවශ්‍ය නෑ. මෙවැනි දේ හැම කණ්ඩායමක්ම කරනවා. එහි අසාධාරණත්වයක් නෑ. නමුත් තරගයක් ජයග්‍රහණය කිරීමට අපි උත්සාහ කළේ. එවිට අපි වැඩි පන්දුවාර ප්‍රමාණයක් යොමුකළ යුතුව තිබුණා. නමුත් ක්‍රීඩා කරන්නේ එහෙමයි. එයට පැමිණිලි කරන්න බෑ”