සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර මොහාලිහි පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු හතරකට ලකුණු 392ක් රැස්කිරීමට සමත්විය.
විශිෂ්ඨ ඉනිමක් ක්රීඩා කළ නායක රෝහිත් ශර්මා ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්විය. (ලකුණු 208*, පන්දු 153, හතරේ පහර 13, හයේ පහර 12).
ඔහුට අමතරව ශිකර් දවාන් (68), එස්. අයියර් (88) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ. තරගයේ ජයග්රහණය සඳහා ශ්රී ලංකාව ලකුණු 393ක ඉලක්කයක් හිමිව තිබේ.
ශ්රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්රහාරයකට ලක්වූයේය. කෙසේ වෙතත් පන්දුවාර 4ක් යොමුකර ලකුණු 9ක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමට නොකැඳවීය.