සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවර පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20ට කඩුලු තුනක් දැවී ලකුණු 180ක් රැස්කළහ.
වේගවත් ඉනිමක් ක්රීඩා කළ ෂොයිබ් මලික් පන්දු 24කදී ලකුණු 51ක් රැස්කළේය. ෆක්හාර් සාමන් (31), උමාර් අමීන් (45), බාබර් අසාම් (34*) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.
ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් විකුම් සංජය,ඩිල්ෂාන් මුණවිර හා ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් දවාගත්හ.
කාසියේ වාසිය ශ්රී ලංකාවට
සත්කාර පාකිස්තාන කණ්ඩායම හා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක තිසර පෙරේරා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. 2009 වසරේදී ශ්රී ලංකා කණ්ඩායමට ත්රස්ත ප්රහාරයක් එල්ල කිරීමෙන් පසුව ශ්රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කරමින් ක්රීඩා කරන පළමු තරගය මෙය වෙයි. තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පාකිස්තාන රජය කටයුතු කර තබේ. තරගය නැරඹීම සඳහාද විශාල ප්රේක්ෂක පිරිසක් එක්ව සිටිති.