පන්දු 21ක් තුළ ශ්රී ලංකා ඉනිම කඩා බිඳ දැමූ උස්මාන් ශින්වාරි සඳුදා (ඔක්තෝබර් 23දා) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන්ද පාකිස්තානයට කඩුලු 9ක ජයක් ලබාගැනීම සඳහා පෙරමුණ ගත්තේය. ඒ අනුව ඔවුන් ශ්රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජයගත්තේය.
ශ්රී ලංකාවේ කඩුලු පහක් පන්දු 21ක් තුළ දඩයම් කිරීමට පාකිස්තාන නවතම වමත් වේග පන්දු යවන ක්රීඩක උස්මාන් ශින්වාරි සමත්විය. ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සියල්ලන්ම පාහෝ උස්මාන් ශින්වාරිගේ පන්දු සඳහා පසු පාදයෙන් ක්රීඩා කරමින් එකම වරද නැවත නැවත කළේය.
සිය දෙවැනි එක්දින තරගයට ක්රීඩා කළ ශින්වාරි ලකුණු 34ට කඩුලු පහක් දවාගත්තේය.
ශ්රී ලංකා ඉනිම පන්දුවාර 26.2කදී ලකුණු 10කට සීමා විය. එය පාකිස්තාන කණ්ඩායමක් හමුවේ ශ්රී ලංකාව දැවී ගිය දෙවැනි අවම ලකුණු ප්රමාණය වෙයිත මීට පෙර සාජා පිටියේදීම ශ්රී ලංකා කණ්ඩායම 2002 වසරේදී පාකිස්තානය හමුවේ ලකුණු 78කට දැවී ගොස් තිබුණි.
සිය මංගල එක්දින තරගයට පසුගිය සිකුරාදා ක්රීඩා කළ ශින්වාරි කඩුලු පහ පන්දු 21කදී දවා ගනිමින් එක්දින ක්රිකට් පිටියේ තෙවැනි වේගවත්ම කඩුලු පහ වාර්තා කිරීමට සමත්විය. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව 2003 ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකාවේ චමින්ද වාස් පන්දු 16කින් කඩුලු පහ සම්පූර්ණ කිරීම මේ දක්වාම එක්දින පිටියේ වේගවත්ම කඩුලු පහ දවා ගැනීම වෙයි. 2013 වසරේදි නෙදර්ලන්ත වේග පන්දු යවන ක්රීඩක ටිම් වෑන් කැනඩාවට එරෙහිව පන්දු 20කින් එක්දින කඩුල පහ සම්පූර්ණ කිරීමට සමත්ව තිබේ.
මෙම තරගය ශ්රී ලංකාවේ පිතිකරණ දුර්වලතාව ප්රදර්ශනය කළ තවත් එක් තරගයක් විය. තිසර පෙරේරා (25), ළහිරු තිරිමාන්න (19), සීක්කුගේ ප්රසන්න (16) හා දුෂ්මන්ත චමීර (11) ඉලක්කම් දෙකේ ලකුණු සීමාව පසුකර ගිය ක්රීඩකයෝ වූහ. ශාඩබ් ඛාන් (2/24), හසන් අලී (2/19) ලෙස පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූහ.
ශින්වාරි 2013 වසරෙන් පසුව පාකිස්තාන කණ්ඩායමට තෝරා ගත් පළමු අවස්ථව මෙය වෙයි. ඔහු අවසන් 11 දෙනාට පිවිසීමට මෙම තරගාවලියේදී මමත්විය.
තරගයේදී ශ්රී ලංකා ඉනිමේ ආරම්භ පිතිකරුවා ලෙස සදීර සමරවික්රම උසස්වීමක් ලබා පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර ඔහු පස්වැනි පන්දුවේදී දැවී ගියේය. ඒ අනුව ඔහු ක්රීඩා කළ පළමු එක්දින තරග දෙක තුළදීම තවමත් එක් ලකුණක් හෝ රැස්කර නොමැත. ඔහුගේ දැවී යෑමෙන් පසු ශ්රී ලංකා එක්දින කණ්ඩායමේ තවත් අසාර්ථක පිතිකරුවෙක් බවට පත්ව ඇති දිනේෂ් චන්දිමාල් පිටියට පිවිසි අතර ඔහුද මුහුණ දුන්නේ එක් පන්දුවට පමණි. ශින්වාරිගේ ඊළග පන්දුවාරයේදී ඔහු නායක උපුල් තරංග දවාගත්තේය. පසුව ඔහු නිරෝෂන් දික්වැල්ලෙග් කඩුල්ලද බිද දැමීය.
ඔහු කඩුල පහ සම්පූර්ණ කළේ මිලින්ද සිරිවර්ධන (6) දවාගනිමිනි.
පාකිස්තානය පන්දුවාර 20.2කදී ඉලක්කය පසුකර ගියේය. ෆක්හාර් සැමන් ලකුණු 48ක් හා ඉමාම් උල් හක් ලකුණු 45*ක් රැස්කළේය. ඔවුහු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සබඳතාවක් පැවැත්වීය. සැමන්ගේ ඉනිම ජෙෆ්රි වැන්ඩයේ අවසන් කළේය.
මෙම පරාජය ශ්රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ 12 වැනි එක්දින තරග පරාජය වෙයි. නව නායක උපුල් තරංග යටතේ ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග දහයම පරාජයන් බවට පත්ව ඇත. මෙය පාකිස්තාන කණ්ඩායම ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ පටන් ලබාගත් 9 වැනි අඛණ්ඩ එක්දින තරග ජයග්රහණය වයි.
පාකිස්තානය හා පැවැති එක්දින තරගාවලිය ශ්රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙස ජයගත්තේය. දෙරට අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ඔක්තෝබර් 26 දා 27 දා අබුඩාබි පිටියේදීත්, අවසන් තරගය ඔක්තෝබර් 29දා ලාහෝර් පිටියේදීත් පැවැත්වීමට නියමිතය.