(UPDATE) පාකිස්තානයෙන් එල්ල වූ ලකුණු 293ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ට රැස්කර ගත හැකිවූ ලකුණු 209ක් පමණි. ඒ අනුප පාකිස්තායට පළමු එක්දින තරගයෙන් ලකුණු 83ක ජයක් හිමිවිය. පාකිස්තානය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුනු 292ක් රැස්කළේය. ශ්රී ලංකාව වෙනුවෙන් ළහිරු තිරිමාන්න හා අකිල ධනංජය අර්ධ ශතක රැස්කළහ. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය1-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගත්තේය.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර ඩුබායිහි පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ට ලකුණු 292ක් රැස්කළේය.
ඒ අනුව තරගයේ ජයග්රහණය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු ලකුණු 293ක ඉලක්කයක් හිමිව තිබේ. ටෙස්ට් තරගාවලියේදී අසාර්ථක වූ බාබර් අසාම් ලකුණු 103ක් රැස්කළේය. ඔහුට අගනා සහායක් ලබාදුන් ශොයිබ් මලික් ලකුණු 81ක් රැස්කළේය. පාකිස්තානය අවසන් පන්දුවාර 10 දී ලකුණු 89ක් රැස්කළේය. සුරංග ලක්මාල් කඩුලු දෙකක් දවාගත් අතර වැන්ඩසේ, අකිල , ළහිරු හා තිසර එක් කඩුල්ල බැගින් දවාගත්හ.