(VIDEO) ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (06දා) ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති විස්සයි20 තරගයේදී කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේ සිදූ සිදුවීමක් මේ වන විට මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබේ.
එහිදී ඉන්දීය නායක විරාත් කෝලි හා උපුල් තරංග කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසි අතර එහිදී ඉන්දීය නායකයාගේ තේරීම වූයේ 'හෙඩ්ස්' යන්නයි.
කාසිය වාසිය උරගා බැලීමෙන් පසුව එහි තරග තීරක ලෙස කටයුතු කළ ඇන්ඩෘ පයික්‍රොෆ්ට් වැරදීමකින් පැවසුවේ 'ටෙයිල් - ඉන්දියා' යනුවෙනි. නමුත් සත්‍ය වශයෙන්ම කාසියේ වාසිය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නායක උපුල් තරංගයි.
කෙසේ වෙතත් එහි නිවේදක වශයෙන් කටයුතු කළ ඉන්දියාවේ මුරලි කාර්තික් අඛණ්ඩව සිය කටයුතු ඉදිරියට ගෙන ගිය අතර ඔහු මුලින්ම ඉන්දීය නායකයාගෙන් අදහස් විමසීම ආරම්භ කළේය.
මේ අතර වාරයේදී පයික්‍රොෆ්ට් සිය වැරදීම නිවැරදි කිරීමට උත්සාහ කළත් මුරලි කාර්තික්ට එය නොවැටහී ඇති අතර ඔහු සිය කාර්යය ඉදිරියට ගෙන ගියේය.
කාසියේ වාසිය අනුව ඉන්දීය නායකයා මුලිනම පන්දු රැකීමට තීරණය කළේය. මෙහිදී ශ්‍රී ලංකා නායක උපුල් තරංගගෙන් කාසිය වාසිය දිනාගත්තේ නම් තේරීම කුමක් වන්නේද යනුවෙන් මුරලි කාර්තික් විමසූ විට ඔහු පැවැසුවේ මුලින්ම පන්දු යවන බවයි.
තරග අවසාන ප්‍රතිඵලය වූයේ ඉන්දීය කණ්ඩායම කඩුලු හතකින් තරගය ජය ගැනීමයි.
VIDEO