ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට අරක්කැමියන් ගොඩක් (තිරණ ගන්නන්) සිටින බවත් කණ්ඩායමෙන් පිටත සිදුවන දෑ කණ්ඩායමට ගැටලුවක් බවට පත්ව ඇති බවත් ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතාස් පවසයි.
“ ඔබට තනියම කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණොත් මේ කණ්ඩායම මාස හයකින් ස්ථාවර කරන්න පුළුවන්. මේ තරුණ ක්රීඩකයන් දායදයක් වගේ ඔබ කණ්ඩායමට පුංචි වේලාවක්, ආදරයක්, ඔවුන්ව රැක බලාගැනීමක් මෙන්ම ඔවුන්ගේ විශ්වාසය වර්ධන කළොත් ඉතාමක් ඉහළ නැගිටීමක් මෙන්ම ඉක්මන් ප්රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ”
“ හැගීම්බරව ගත්තොත් ඔබ කෝප වෙනවා. මම ක්රීඩකයන් සමග තරහා ගන්නවද? ඇත්තටම නෑ. ඕනෑම කෙනෙකු පවසන ආකාරයකට ඔවුන් මහන්සියෙන් වැඩ කරනවා. සහාය කණ්ඩායමත් ඒ වෙනුවෙන් උපරිම කැපවීමක් කරනවා ඔවුන් පැය ගණන් සැලසුම් කරමින් ක්රීඩකයන්ට උදව් කරනවා. ඔව් අපි හොඳින් ක්රීඩා කළේ නෑ. ඒක අවසානාවක්. ඔබට තරහා යයි. ඇත්තම කියනවානම් ‘කෝකියන් ගෙඩක්’ ඉන්නවා”
“ 139/1ක් ලෙස අපි සිටියා. ඊට පස්සේ ලකුණු 77ක් තුළ අපේ කඩුලු 9ක් දැවී ගියා ඒ පන්දුවාර 19කදී. එය ඔබට අනුමත කරන්න බෑ. ඇත්තටම අපි තත්ත්වය හොඳින් වටහා ගත්තේ නෑ. නමුත් සමාව දිය හැකි දේවල් කිහිපයකතුත් තිබුණා. අපි ගන්නා නිවැරදි තීරණ පිටිය මැදදී ක්රියාත්මක වෙන්නේ නෑ. අවාසනාවකට අද අපි හිටියේ තීරණ ගැනීමේ වැරදි පැත්තේ.”
“ ඔබ ලෝකයේ ක්රීඩා කරන කණ්ඩායම් බලන්න. ඕනම කණ්ඩායමක සැලකිය යුතු මට්ටමක ආබාධ ඇති වෙනවා. අපි ඒ මට්ටමේ ඉන්නේ. ක්රීඩකයන් ආබාධවලට ලක්වෙනවා දැකීම කනගාටුවට කරුණක්. සමහර ආබාධ ඔබට පාලනය කරන්න බෑ. අසේලගේ ආබාධය ඔබට පාලනය කරන්න බෑ.”