ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම හිමි කරගැනීමට නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් විය. ඇය හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනාදීමට ඊයේ (06දා) සමත් වූවාය.
ඇය මීටර් 58.11 ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වූ අතර, එම ඉසව්වේ පළමු ස්ථානය හිමි වූයේ මීටර් 63.06 ක දුරක් හෙල්ල විසි කළ චීනයේ ලී ලින්ග් වෙයි හටය. මෙහි ලෝකඩ පදක්කම දිනාගැනීමට මීටර් 57.32 ක දුරක් හෙල්ල විසි කළ ඉන්දියාවේ අන්නු රාණි සමත් විය. මේ අතර මීටර් 400 ධාවන ඉසව්ව නියෝජනය කළ දිලිප් රුවන් එහි මූලික වටයේ තරගයක (HEAT-1) පළමු ස්ථානය දිනාගැනීමට සමත්විය. ඔහු තරගය අවසන් කිරීම සඳහා තත්. 46.58ක කාලයක් ගත කළේය.
මෙම තරග ඉසව්වේම දෙවැනි තරගයට (HEAT-2) ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ අජිත් ප්‍රේමකුමාර, එම ඉසව්ව තත්පර 46.82කින් නිමා කර දෙවැනියා ලෙස තරගය අවසන් කළේය.
මීට අමතරව තරගාවලියේ උස පැනීමේ සුදුසුකම් ලැබීමේ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ මංජුල කුමාර එහිදී මීටර් 2.10ක උසක් වාර්තා කළේය. මංජුල ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මෙම තරගාවලියට සහභාගි විය.
අද (07දා) තරගාවලියේ දෙවැනි දිනයයි.
සුසිල් ප්‍රේමලාල් ඉන්දියාවේ භුබනේෂ්වර්හි සිට