(UPDATE) ඩිලානි මනෝදරාගේ අර්ධ ශතක ඉනිම අපතේ යවමින් අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඉන්දිය කාන්තා කණ්ඩායම සමග පැවති තියුණු තරගයෙන් ලකුණු 16 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
තරගාවලියේ 14 වැනි තරගය ලෙසින් ඩර්බිහිදී අද (05දා) පැවැත්වූ තරගයේ ඉන්දිය කණ්ඩායමට පිළතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු7 ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 216 ක් පමණි.
ශ්‍රි ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස හසිනි පෙරේරාගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ නිපුණි හංසිකා හා චමරි අතපත්තු දෙවැනි කඩුල්ලට ලකුණු 40 ක් එක් කළහ. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දැවී යාම් වලින් පසු ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සබඳතාව (ලකුණු 60)ශෂිකලා සිරිවර්ධන හා දිල්හානි මනෝදරාගේ පිත්තෙන් 5 වැනි කඩුල්ලට වාර්තා විය.
එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය ආසන්නයට ගෙනා ඩිලානි මනෝදරා හතරේ පහර 5 ක් සමගින් ලකුණු 61 ක් ලබා ගනිද්දී ශෂිකලා සිරිවර්ධන ලකුණු 37 ක් රැස් කළාය.
කාසියේ වාසිය දිනා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 8 ක් දැවී ලකුණු 232 ක් රැස් කළහ. ඉන්දීය ඉනිමට ශක්තිමත් මැද පෙළ ලකුණු සංඛ්‍යාවක් එක් කළ නායක මිතලි රාජ් සිය එක්දින දිවියේ 47 වැනි අර්ධ ශතකය (ලකුනු 53) වාර්තා කළ අතර, ඇයට අනගි සහායක් වූ යොවුන් ක්‍රීඩිකා දීප්ති ශර්මා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 78 ක් රැස් කළාය.
ඉන්දියාවට එරෙහිව ආක්‍රමණශීලී පන්දුයැවීමක නිරත වූ ශ්‍රීපාලි වීරක්කොඩි කඩුලු 3 ක්ද ඉනෝකා රණවීර කඩුලු 2 ක් දවාළූහ.
තරගයේ වීරයා සම්මානය දීප්ති ෂර්මාට හිමිවිය.
ඉන්දියාව 232/8 (පන්දුවාර 50)
දීප්ති ශර්මා 78 (110, 4x10), මිතලි රාජ් 53 (78, 4x4), ශ්‍රීපාලි වීරක්කොඩි 3/28 (9)
ශ්‍රී ලංකාව 216/7 (පන්දුවාර 50)
ඩිලානි මනෝදරා 61(75, 4x6),ශෂිකලා සිරිවර්ධන 37 ((63, 4x5),පූනම් යාදව් 2/23 (10)
දීප්ති ෂර්මා හා නායක මිතලි රාජ් එක්ව ගොඩනැගූ ශතක සබඳතාව හේතුවෙන් එංගලන්තයේ පැවැත්වෙන අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 8 ක් දැවී ලකුණු 232 ක් රැස් කළහ.
තරගාවලියේ 14 වැනි තරගය ලෙසින් මෙය ඩර්බිහිදී අද (05දා) පැවැත්විණි.
කාසියේ වාසිය දිනූ ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පූනම් රවුට් හා ස්ම්රිති මාධනා, පිටියට පිවිසියද මුළු ලකුණු සංඛ්‍යාව 38 ක් වන විටදී ඔවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ.
නමුත් ඉන් අනතුරුව ඉන්දීය ඉනිමට ශක්තිමත් මැද පෙළ ලකුණු සංඛ්‍යාවක් එක් කළ නායක මිතලි රාජ් හා දීප්ති ශර්මා පන්දුවාර 26 කදී තෙවැනි කඩුල්ලට ලකුණු 118 ක සබඳතාවක් එක් කළහ.
මිතලි මෙහිදී සිය එක්දින දිවියේ 47 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඇයට අනගි සහායක් වූ යොවුන් ක්‍රීඩිකා දීප්ති ශර්මා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 78 ක් රැස් කළාය.
ඉන්දියාවට එරෙහිව ආක්‍රමණශීලී පන්දුයැවීමක නිරත වූ ශ්‍රීපාලි වීරක්කොඩි කඩුලු 3 ක් දවාළීය. ඊට අමතරව ඉනෝකා රණවීර කඩුලු 2 ක් දවාළූවාය.
මේ අනුව තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 233 ක ඉලක්කයක් හිමිවිය.
ඉන්දියාව 232/8 (පන්දුවාර 50)
දීප්ති ශර්මා 78 (110, 4x10), මිතලි රාජ් 53 (78, 4x4), වේදා ක්‍රිෂ්ණමූර්ති 29 (33, 4x4)
ශ්‍රී ලංකා පන්දු යැවීම
ශ්‍රීපාලි වීරක්කොඩි 3/28 (9), ඉනෝකා රණවීර 2/55 (10)