සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 259කින් පරාජය කරමින් ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) සමත්විය. ලකුණු 457ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 197ට සීමා කිරීමට නායක රංගන හේරත් ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නො සමත්වූහ.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් ලකුණු 59ට කඩුලු හයක් දවා ගැනීම සමත්විය. ඩිල්රුවන් පෙරේා කඩුලු දෙකක් දවා ගත්තේය. බංග්ලාදේශ ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ සෞම්‍ය සර්කාර්ය ඔහු ලකුණු 53ක් රැස්කරගත්තේය. තරගයේ වීරයා සම්මාන ඉනිම් දෙකේදීම ලකුණු 213ක් රැස්කළ කුසල් මෙන්ඩිස්ට හිමිවිය.