ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට ඔවුන් ඊයේ (30දා) සමත්විය. ඒ කොල්කටා කණ්ඩායමට එරෙහිව හයිද්රාබාද්හ රජිව් ගාන්ධි පිටියේ පැවැති තරගයේදීය. තරගාවලියේ 37 වැනි තරගය ලෙසින් මෙය පැවැති අතර එහිදී හයිද්‍රාබාද් කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 209ක් විය.
එසේම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙය වෙයි.
ඩේවිඩ් වෝනර් පන්දු 59කදී ලකුණු 126ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් හා හයේ පහර 8ක් වාර්තා විය. වෝනර්ගේ ශතකය පන්දු 43කින් වාර්තා වූ අතර එය අයි.පී.එල්. තරගාවලියේ පස්වැනි වේගවත්ම ශතකය වෙයි.
ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායමට නියමිත පන්දුවා 20 තුළදී කඩුලු 7ට රැස්කළ හැකිවූයේ ලකුනු161ක් පමණි. ඒ අනුව තරගයෙන් ලකුණු 47ක පහසු ජයක් හයිද්‍රාබාද් කණ්ඩායමට හිමිවිය.