ශ්රී ලංකාව හා ඉන්දියාව අතර ෆේරොස් ෂා කොට්ලා ක්රීඩාංගණයේ පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය සෙනසුරාදා (දෙසැම්බර් 2) ආරම්භ විය. එක් අවස්ථාවක එක් වර්ෂයක එක් තරගාවලියක ඉන්දීය කණ්ඩායමේ අනුකම්පා විරහිත ප්රහාරයට ශ්රී ලංකාව භාජනය විය.
මෙම වතාවේ ලකුණු රැස්කරනු ලැබුවේ මුරලි විජේ සහ විරාත් කෝලිය. කෝලි අඛණ්ඩව සිය තෙවැනි ශතකය (156*) රැස්කළේය. මුරලි විජේ අඛණ්ඩව සිය දෙවැනි ශතකය (155) රැස්කළ්ය. ඒ අනුව ඉන්දියාව පළමු දිනය නිමා කළේ 371/4ක් ලෙසය. මුරලි විජේ හා කෝලි දෙවැනි කඩුල්ලට ලකුනු 283ක සබදතාවක් පැවැත්වීය.
ඉන්දියාව පන්දුවාරයකට ලකුණු 4.12 ක් වේගයක් තබා ගත්තේය. ෂිකර් දවාන් හා චෙටෂ්වාර් පූජාරා ලකුණු 23 බැගින් රැස් කළහ. පළමුවැනි සැසියේදී ඔවුහු දැවී ගියහ. නමුත් දිනය අවසානයේදී විජේ හා අජින්කේ රහානේ (1) දවාගැනීමට ලක්සන් සඳකැන් සමත්වූයේය.
එයට පෙරාතුව සෑම දෙයක්ම ඉන්දියාවට වාසි දායක විය. විකට්ටුවේ තණකොළ තිබූ හෙයින් පළමුව පන්දුවට පහරදීමට කෝලි ගත් තීරණය නිවැරදි විය. පළමු පන්දුවා දෙක තුළදී හතරේ පහර තුනක් වාර්තා කරමින් මුරලි විජේ රිද්මය ලබාගත්තේය.
ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට ස්වීප් පහරක් එල්ලකිරීට ගොස් ඩීප් ස්කෙවෙයාර් ලෙග්හි පන්දු රකිමින් සිටි සුරංග ලක්මාල් වෙත උඩපන්දුවක් ලබාදෙමින් දවාන් පිටියෙන් ඉවත්විය.
නජ්පූර් හි පැවැති තරගයේදී දෙවැනි විකට්ටුව වෙනුවෙන් දැවැන්ත ස්ථාවරයකින් ක්රීඩා කළ විජේ හා පුජාරාට එය මෙම තරගයේදී ඉදිරියට ගෙන යෑමට නොමැකි විය. ළහිරු ගමගේගේ පන්දුවක් හමුවේ පුජාරා දැවී ගියේය.
එය ශ්රී ලංකා කණ්ඩායමේ සතුට කෙළවර වූ අවස්ථාවක් විය.නාග්පූර් පිටියෙන් නැවතූ තැනින් කෝලි ආරම්භ කළේය. කෝලි හතරේ පහරකින් ලකුණු රැස්කරගත් අතර ඉන් පසුව විජේ සිය අර්ධ ශතකය රැස් කළේය.
දිවා ආහාරයෙන් පසුව තරගය හුදෙක්ම ඉන්දීය තරගයක් විය. කෝලි පිටියේ වාසිය ලබාගනිමින් හොඳින් පන්දුවට පහරදුන් අතර ඔහු සිය අර්ථශතකය පන්දු 52කින් සම්පුර්ණ කළේය. ඒ හරහා ඉන්දීය නායකයා සිය ලකුණු 5000 සීමාවද පසුකර ගියේය.
අනෙක් අන්තයෙන් විජේ සිය කාර්යය කරමින් සිටියේය. ඔහු පිටියේ වාසිය මැනවින් යොදා ගනමින් ද ඟ පන්දු යවන්නන්ට එරෙහිව පිටියේ සෑම දෙසකටම පහර එල්ල කරමින් ලකුණු ලබාගත්තේය. ඔහු සඳකැන්ගේ පන්දුවක් හමුවේ දිවා ආහාරයට පෙර ශතකය සම්පූර්ණ කළේය.
ඉන් අනතුරුව ඔහු වේගයෙන් පන්දුවට පහරදුන් අතර එයට නොදැවෙනි ඉනිමක් ක්රීඩා කළ විරාත් කොලිද සිය ටෙස්ට් දිවියේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට සමත්වූයේ පන්දු 110කිනි.
වසර ගණනාවක් තිස්සේ සිය ශතකය ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කර ගැනීමට නොහැකිව සිටින විජේ මෙම තරගයේදීත් ලකුණු 150 සීමාව පසුකර මොහොතකින් දැවී ගියේය.තරගය නිමා විමට පන්දුවාර 5කි තිබියදි සඳකැන්ගේ පන්දුවක් හමුවේ විජේ දැවී ගියේය. ලකුණු 4,0,2, ලෙස මෙම තරගයට පිවිසි අජින්කේට රැස්කළ ගත හැකිවූයේ ලකුණක් පමණි.