අතිශය වේගවත් පිතිහරඹයක නියැලෙමින් ශ්රී ලංකා ඉනිමට අර්ධ ශතකයක් රැස් කළ කුසල් ජනිත් පන්දු 37කින් ලකුණු 66ක් රැස් කර දැවී ගියේය.
ෂර්දුල් ඨාකුර්ගේ පන්දු ඕවරයකදී 4 පහර ක් සහ එක් 6 පහරක් සමගින් ලකුණු 27ක් රැස්කරගන්නටද කුසල් ජනිත් සමත් විය.
එසේම සිය අර්ධ ශතකය පන්දු 22කදී රැස් කළ ඔහු සුන්දර් වොෂින්ටන්ගේ පන්දුවක් හමුවේ පන්දු 37කට ලකුණු 66ක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමකට ලක්ව දැවී ගියේය.
කඩුළු 5ක් දැවී ලකුණු 174ක් ලබාගත් ඉන්දීය කණ්ඩායමේ ඉනිමට පිළිතුරු ලෙස මේ වන විට ශ්රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 13.2කදී කඩුළු 4ක් දැවී ලකුණු 127ක් ලබා සිටියි.