සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පන්දුව වෙනස් කිරීමේ චෝදනාව යටතේ කොදෙව් කණ්ඩායමට ලකුණු පහක් ලබාදීමට හා විනිසුරුවන් පන්දුව මාරු කිරීමට විරෝධය දක්වමින් ශ්රී ලංකා ක්රීඩකයන් ක්රීඩා කිරීම ප්රතික්ෂේප කළේය.
පැය දෙකකට ආසන්න කාලයක් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් මෙම තීරණයට විරෝධය දැක්වීය. තරගය කොදෙව් වේලාවෙන් පෙ.ව. 9.30ට ආරම්භවීමට නියමිතව තිබුණත් ශ්රී ලංකා ක්රීඩකයන් පිටියට නොපැමිණි අතර පුහුණුකරු චන්දික හතුරුසිංහ හා නායක දිනේෂ් චන්දිමාල් තරග තීරක සමග සාකච්ඡා කළෙය.
කෙසේ වෙතත් පෙ.ව. 10.50ට පමණ ශ්රී ලංකා ක්රීඩකයන් පිටියට පිවිසියත් පළමු පන්දුව යොමු කිරීම පෙ.ව. 11.30 ට සිදුවිය.
තරගය ආරම්භවීමට විනාඩි 10කට පෙර ශ්රී ලංකා ක්රිඩකයන්ට පන්දුව පළුඳු කිරීමේ චෝදනා එල්ල කිරීමට විරෝධය දක්වමින් ඔවුන් පිටියට නොපැමිණි බව වාර්තා වෙයි.