පළමු අර්ධයේදී දැක්වූ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව නිසා සිංගර් අන්තර්පාසල් ලිග් රග්බි තරගාවලියේ පලඟ ශූරතාවයේ පළමු තරගයෙන් කොළඹ ලුම්බිණි විදුහල පරදා ලකුණු 39-18 ක ජයක් වාර්තා කිරීමට ගල්කිස්ස විද්‍යා විදුහල සමත් විය. කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය තමන්ගේ අණසකට නතු කර ගත් විද්‍යා ක්‍රීඩකයෝ ලකුණු 34 ක් එම අර්ධය තුළදී රැස් කලේ ප්‍රතිවාදී ලුම්බිණි ක්‍රීඩකයින් ලකුනු 03 කට පමණක් සීමා කරමිනි. එහිදී විද්‍යා ක්‍රීඩකයින් ගෝල දිනුම් දෙකක් හා උත්සාහක දිනුම් 4 ක් වාර්තා කළ අතර ප්‍රතිවාදී ලුම්බිණි විදුහලට සිය ලකුණු ප්‍රමාණය රැස් කර ගත හැකි වූයේ දඩුවම් පහරක් සාර්ථක කර ගනිමිනි.
නමුත් විද්‍යා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් තරගයේ දෙවැනි අර්ධයට අනුයුක්ත කිරීමත් සමගින් එම අර්ධයේ යම් තරමකින් සිය අණසකර නතු කර ගැනීමට ලුම්බිණි කණ්ඩායම සමත් වූයේ එම අර්ධය තුළදී උත්සාහක දිනුම් 3 ක් මගින් තවත් ලකුණු 15 ක් සිය ලකුණු පුවරුවට එක් කර ගනිමිනි.
ප්‍රතිවාදී විද්‍යා ක්රීඩකයි්න්ට එම අර්ධයේදී එක් උත්සාහක දිනුමක් (ලකුණු 05) පමණක් සාර්ථක කර ගත්තද ඔවුන්ගේ ජයග්‍රහණය වළක්වා ලීමට ලුම්බිණි කණ්ඩායමට නොහැකි විය.
පළමු -ඒ කොටසින් තරගාවලියේ මූලික වටයේදී ක්‍රීඩා කළ විද්‍යා ක්‍රීඩකයින් පළමු වටයේදි පස්වැන්නා ලෙස තරගාවලිය නිමා කළ නිසා කුසලාන ශුරතාව වෙනුවෙන් සුදුසුකම් ලබා ගත නොහැකි වූ අතර ඒ අනුව දෙවැනි බී කොටසින් පළමු අදියරේ ශූරයින් වූ ලුම්බිණි විදුහල සමග ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගත්හ.
මේ අතර මෙහි දෙවැනි තරගය බොරැල්ල ඩී.එස්.සේනානායක හා මොරටුව වේල්ස් කුමර විදුහල් අතර හෙටෙ (28) වැලිසර දී පැවැත්වේ.
ඡායාරූප - ඕෂිත වරකපිටිය