මහනුවර ත්‍රිත්ව විදුහලේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01) පස්වරුවේ මියගොස් ඇත.
රග්බි පුහුණුව සඳහා මහනුවර ත්‍රිත්ව විදුහලේ සිට පල්ලේකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණය දක්වා ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම සඳහා කිලෝමීටර් 12 ක පමණ දුර ප්‍රධාන මාර්ගයේ දුවමින් සිට ඇති මෙම ක්‍රීඩකයා පල්ලේකැලේ ප්‍රදේශයේදී ඊයේ (01) උදෑසන 11.00 ට පමණ හදිසියේ සිහිසුන්ව ඇද වැටී තිබෙන අතර, මහනුවර රෝහලට ඇතුළත් කර පැය හතරකට පමණ ඔහු මියගොස් ඇතැයි පොලීසිය කළ විමර්ශනවලදී තහවුරු වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මහනුවර බෝවලවත්ත, ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි භාතිය ඒකනායක නමැති සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ හා මහනුවර පොලිස් ස්ථාන ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (02දා) දහවල් පැවැත්වීමට නියමිතව තිබිණි.