වසර විසිහතක ඉතිහාසයේ අයිසීසී එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල වැඩිම ලකුණු වන ලකුණු 909 ලබන්නට විරාත් කෝලි සමත්ව තිබේ. එමෙන්ම 900 සීමාව ඉක්ම වූ පළමු ඉන්දියානුවා බවටද ඔහු පත්විය.
පසුගියදා අවසන් වූ එක්දින තරග හයකින් සමන්විත දකුණු අප්‍රිකා සංචාරයේ ලකුණු 558ක් ලබාගන්නට ඔහු සමත් වූ අතර, තරගාවලිය පුරාම ඔහු දැවී ගොස් ඇත්තේ තුන්වරක් පමණක් වීමද සුවිශේෂීය.
ඔහු සමග දැනට එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාවේ ඒබ්‍රහම් ඩිවිලියර්ස් ඔහුට වඩා ලකුණු ලකුණු 65ක් ඉදිරියෙන් සිටියි.
දැනට කෝලි ශ්‍රේණිගත කිරීම්වල ලබාඇති ලකුණු 909 වැඩිම ශ්‍රේණිගත කිරීම් ලකුණු අතර 7වැනි ස්ථානයේ පසුවෙයි. ඔහුට ඉදිරියෙන් සිටින්නේ ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් (935 – 1985වසරේදී), සහීර් අබ්බාස්(931 – 1983 වසරේදී), ග්‍රෙග් චැපල්(921 – 1981වසරේදී), ඩේවිඩ් ගවර් (919 – 1983වසරේදී), ඩීන් ජෝන්ස් (918 – 1991වසරේදී) සහ ජාවේඩ් මියැන්ඩාඩ් (910 – 1987වසරේදී) යන ක්‍රීඩකයන් හයදෙනාය. දකුණු අප්‍රිකා තරග සංචාරයට පෙර කෝලි සිටියේ ලකුණු 876 සීමාවේය.