එළඹෙන 2018 වර්ෂයේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ප්රෙව්ශපත්ර ලක්ෂ 7 කට අධික ප්රමාණයක් මේ වන විට විකිණී අවසන් බව වාර්තා වේ.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් මේ බව ඊයේ තහවුරු කර ඇත. මෙම ප්රවේශපත් විකිණීමේ පළමු අදියර ඊයේ අවසන් වූ අතර එය ආරම්භ වූයේ පසුගිය සැප්තැම්බර් 14 වැනිදාය.
එහිදී සමස්ථ ටිකට් 742 760 ක් මෙම අදියර තුළදී අලෙවි වී ඇති බවත් වැඩිම ඉල්ලුමක් තරගාවලියේ සත්කාරකත්වය දරණ රුසියාවෙන් ලැබී ඇති බවත් ෆිෆා විසින් අනාවරණය කොට ඇත.
කොටස් දෙකක් යටතේ පැවති එහි පළමු කොටස සැප්තැම්බර් 14 සිට ඔක්තෝම්බර් 12 දක්වාත්, දෙවැනි කොටස නොවැම්බර් 16 සිට 28 දක්වාත් පැවැත්විණි.
මේ අතර ප්රෙව්ශපත් විකිණීමේ දෙවැනි අදියර එළඹෙන දෙසැම්බර් 5 වැනිදා ආරම්භ වේ.
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය එළඹෙන ජූනි 14 වැනිදා සිට ජුලි 15 වැනිදා දක්වා රුසියාවේදී පාපන්දු ක්රීඩාංගණ 15 කදී පැවැත්වේ.