මෙවර ෆෝමියුලා වන් ලෝක ශූරතාවයේදී සිය තරග දිවියේ සුවිශේෂි කඩඩමක් පසු කිරීමට බ්‍රිතාන්‍ය ධාවක ලුවිස් හැමිල්ටන් සමත් විය. ඒ ජර්මනියේ මයිකල් ෂූමාකර් විසින් වාර්තා කොට තිබූ ෆෝමියුලා වන් තරග අදියරයන් හි වැඩිම හොඳම කාළ ගණනයක් (Qualifying Time) ප්‍රමාණය සම කරමිනි.
මේ දක්වා ෆෝමියුලා වන් පිටියේ බිහිවූ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන ෂූමාකර් විසින් ෆෝමියුලා වන් තරග අදියර 68 කදී හොඳම කාළ ගණනය වාර්තා කරමින් තරගය පෙරමුණේ සිට ආරම්භ කිරීමේ අවස්ථාව (Pole Position) හිමි කර ගෙන ඇත.
2007 වර්ෂයේදී ෆෝමියුලා වන් පිටියට අත්පොත් තැබූ හැමිල්ටන් මේ දක්වා තරග අදියර 200 කට සහභාගි වී ඇති අතර තරගාවලි ත්‍රිත්වයක (2008,2014, 2015) ශූරතාවන් හිමි කර ගෙන ඇත.
එමෙන්ම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙහි ප්‍රසාද ලකුණු 188 ක් ලබා හෙතෙම දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර එහි පෙරමුණේ පසු වන්නේ ප්‍රසාද ලකුණු 202 ක් ලබා සිටින ජර්මනියේ සෙබස්තියන් වෙට්ල් ය.