සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති සිවුවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 492ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩයම සමත්විය.
ඒ ලකුණු 612ක දැවැන්ත ඉලක්කය් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ලකුණු 119කට දැවී යෑම සමගිනි. ඒ අනුව දෙරට අතර පැවැති තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-1ක් ලෙස දකුණු අප්‍රිකව ජයග්‍රහණය කළේය.
තෙවැනි තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට ලක් වූ හිටපු නායක ස්ටීවන් ස්මිත්, හිටපු උපනායක ඩේවිඩ් වෝනර් හා නවක ක්‍රීඩක කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් තරග තහනම් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළේය.
මේ අතර එම චෝදනාවන්ට අදාළව ඔස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන්ද සිවුවැනි තරගයෙන් පසුව ඔස්ට්‍රේලියානු පුහුණුකරු ධුරයෙන් ඉවත්වන බවට ප්‍රකාශ කළේය.
ජොහැන්නස්බර්ග් නුවරදී පසුගිය 30දා ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහර දුන්නේය. තරගයේ වීරයා ලෙස වර්නන් පිලැන්ඩර් සම්මාන හිමිකරගත් අතර තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලබාගත්තේ කාගිසේ රබාඩාය.
දකුණු අප්‍රිකාව පළමු ඉනිම 488/10 (පන්දුවා 136.5)
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 221/10 (පන්දුවාර 70)
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම 344/6 (පන්දුවාර 105)
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 119/10 (පන්දුවාර 46)