ක්‍රීඩකයන් දක්ෂතා අතර නොමැති විට කණ්ඩායමෙන් ඉවත්කිරීම සාමාන්‍ය දෙයක් බවත්, ලැබෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගත යුතු බවත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පැවසීය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ බංග්ලාදේශයට එරෙහිව ඊයේ (04දා) රාත්‍රියේ පැවති පළමු විස්සයි20 තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමුවා වූ කුසල් ජනිත් තම ඉනිම පිළිබඳ විස්තර කරමින් තරගයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම අනාවරණය කර සිටියේ, ලැබුණු අවස්ථාවේදී තමන්ට කළ හැකි දේ කිරීමට උත්සාහ කළ බවයි. "මම උත්සහකළේ, පුහුණුවීම් කර කොහොමහරි මගේ ෆෝම් එකට එන්න. ඒ නිසා මට කරන්න පුළුවන් දේ තමයි කළේ. තමන්ට ලැබුණු අවස්ථාවේ තමන් කොහොමද ක්‍රීඩා කරන්නෙ කියන එක තමයි වැදගත් කාරණය" කුසල් පැවසීය.
"මම තරගයක් ක්‍රීඩා කරන්නේ ඊළඟ තරගය ක්‍රීඩා කරන්න බලාගෙන නෙමෙයි. නමුත් මට අවස්ථාව ලැබුනොත්, මම උත්සාහ කරන්නේ කණ්ඩායම ආරක්ෂා කරන්න. ක්‍රීඩකයෙකුට ඕනම වෙලාවකදී කණ්ඩායම ඇතුළටත් එන්න පුළුවන්, එළියට යන්නත් (ඩ්‍රොප්) පුළුවන්. ඒක ක්‍රීඩාවේ හැටි. ඩ්‍රොප් වෙන එක බලබල ක්‍රිකට් ගහන්න ගියොත්, අපිට කවදාවත් ඉදිරියට යන්න අමාරුයි" යනුවෙන් අදහස් දක්වමින් කුසල් පවසා සිටියේය.
මෙහිදී සිය ආබාධය පිළිබඳව විස්තර කරමින් කුසල් හෙළිකළේ, තමන්ගේ ආබාධ තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් සුවවී ඇති බවයි. එමෙන්ම තරගය පුරා කඩුළු රැක හා අවසන් මොහෙත තෙක් පිතිකරණයේ යෙදුණද වේදනාවක් නොදැනුණු බවද ඔහු පවසා සිටියේය.