ඔලිම්පික් රන් පදක්කම් ලාභී රුසියානු රිද්මයානුකූල හිමමත ලිස්සා යාමේ (Figure Skating) ක්රීඩිකා යුලියා ලිප්නිට්ස්කායා සිය ක්රීඩා දිවියට සමුදීමට තීරණය කොට ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඇය සිය ක්රීඩා දිවියට නැවතීමේ තිත තැබීමට සූදානම්ව ඇත්තේ වයස අවුරුදු 19 දී වීමයි.
සිය සමුගැනීමට හේතුව වශයෙන් ඇය සඳහන් කරනුයේ කලක පටන් පවතින ආහාර අරුචියට ප්රතිකාර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.
2014 වර්ෂයේදී සෝචි හිදී පැවති ශීත සෘතු ඔලිම්පික් උලෙලේදී හිමමත ලිස්සා යාමේ කණ්ඩායම් ඉසව්වෙන් රන් පදක්කම දිනූ රුසියානු කණ්ඩායම නියෝජනය කිරීමට ඇය සමත් වූ අතර එවකට ඇයගේ වයස අවුරුදු 15 ක් විය. ඇය ශීත සෘතු ඔලිම්පික් ඉතිහාසයේ රිද්මයානුකූල හිමමත ලිස්සා යාමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත් ලාබාලම ක්රීඩිකාව වූ අතර රුසියාව වෙනුවෙන් මෙම තරගාවලිය් රන් පදක්කමක් දිනා ගත් ලාබාලම ක්රීඩිකාවද ඇය වේ.