සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලිය සඳහා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරතව සිටියදී ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග යළිත් මාධ්‍ය හා පරල වී තිබේ.
ඒ ක්‍රිකට් ආයතනයෙන් තමන්ගේ උදරයේ ඡායාරූප ගන්න ඡායාරූප මාධ්‍යවේදීන් එවා ඇතැයි පවසමිනි.
මාලිංග පුහුණු සැසියට සහභාගි වී පන්දු යවමින් සිටියදී මෙලෙස ප්‍රකාශ කර ඇති අතර, එම අවස්ථාවේ ඡායාරූප මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු සිය රාජකාරි කටයුතුවල නිරතව සිට ඇත.
ඊයේ (28දා) මාලිංග පුහුණුවීම් සිදුකරන අතර තුළ ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.