පාකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීමට පාකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණය ඊයේ (21දා) නියෝග කර තිබේ.
සැකකරුවන්ට එල්ල කර තිබූ චෝදනා සනාථ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙසේ ඔවුන්ව නිදහස් කර තිබේ.
ඔබයිදුල්ලා හා ඊබ්‍රහිම් කලීල් නම් සැකකරුවන් දෙදෙනෙක් මෙසේ නිදහස ලබා තිබේ. 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල කළ ප්‍රහාරයට එක්වූ ත්රස්තවාදීන්ට අවිආයුධ ලබාදීම හා පුහුණුව ලබාදීම සැකකරුවන්ට එල්ල වී තිබූ චෝදනාවන්ය.
කෙසේ වෙතත් ඔවුන්ට එල්ල කර ඇති චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා උසාවියේදී තර්ක කර තිබේ. එම තර්ක සනාථ කිරීමට පාකිස්තන ආරක්ෂක අංශ අසමත් වීම හේතුවෙන් සැකකරුවන්ට නිදහස ලැබී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ක්‍රීඩකයන් 7 දෙනෙකු ඇතුළු 20ක් තුවාල ලැබූ අතර, පුද්ගලයෝ 07ක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රහාරය සම්බන්ධයෙන් නිදහස ලැබූ සැකකරුවන් දෙදෙනා ඇතුළු 06 දෙනෙක් අත්අඩංගුවට පත්වූහ. නමුත් පාකිස්තාන ආරක්ෂක අංශ හා ත්රස්තවාදීන් අතර ඇතිවූ වෙඩි ප්‍රහාරයකින් සැකකරුවෝ තිදෙනෙක් ජීවිතකෂයට පත්වූහ.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මලිඛ් ඉෂාක් නැමැත්තාද පොලීසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.