2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාර එල්ල කිරීම ඇතුළු ත්‍රස්තවාදි ක්‍රියා ගණනාවකට එෆ්.අයි.ඒ. සංවිධානයට අවශ්‍ය සිටි ත්‍රස්තවාදියෙකු වූ කුආරි යසෙන් ඇමෙරිකාවේ ඩ්‍රෝන ප්රහාරයිකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇෆ්ගනිස්ථානයේ බාර්මල් දිස්ත්‍රික්කයේදී මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබේ.
යසේන්ට අමතරව ඔහුගේ සඟයන් තිදෙනෙකුද ඩ්‍රෝන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. යසෙන් විවිධ ත්‍රස්තවාදී සංවිධාන හා සම්බන්ධ වෙමින් ප්‍රහාර එල්ල කර ඇති අතර අල්කයිඩාව සමග මෙන්ම ජුන්ඩාල්ලා නම් ත්‍රස්ත සංවිධාන සමග ඔහු සබඳතා පවත්වා තිබේ.
පාකිස්තානයේ හිටපු ජනපති පර්විශ් මහරුෆ් මහතාට ප්‍රහාර එල්ල කිරීම, රාවල්පිණ්ඩි හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම, මැරියට් හෝටලයට ප්‍රහාර එල්ල කරීම, පංජාබයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ෂුඩා ඛාන්සාඩාට ප්‍රහාර එල්ල කිරීම ඇතුළු ප්‍රධාන ඝනයේ ප්‍රහාර කිහිපයකට ඔහු සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණි.
ඉරිදා (19දා) සවස එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් යසෙන් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ඊයේ (20දා) තහවුරු කළේය.