ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර මේ වන විට ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම හා නවදිල්ලි නුවර පවතින වායූ දූෂණයට මුහුණදීමට නොහැකිවීමෙන් ක්‍රිඩකයන් තිදෙනෙකුම ක්‍රීඩා කළ නොහැකි තත්ත්වයකට පත්විය.
සදීර සමරවික්‍රම ආබාධයක් නිසාත්, සුරංග ලක්මාල් හා ළහිරු ගමගේ වායු දූෂණය හේතුවෙනුත් පිටියෙන් ඉවත්විය. ඒ අනුව ශ්‍රී ලංකාවට පන්දු රකිනන් 10 දෙනෙකුගෙන් තරග කිරිමට සිදුවිය.
එයට විසඳුම් ලෙස ශ්‍රි ලංකා අභ්‍යාසික පුහුණුකරු නිල් ලී හා පන්දු රැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රම ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ජර්සිය ඇඟලාගෙන පන්දු රැකීම සඳහා පැමිණීමට නියමිතව තිබුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් ඉන්දීය නයාකයා ඉනිම අත්හිටුවීම හේතුවෙන් ඔවුන්ගේ සේවය ලබාගැනීමට චන්දිමාල්ට අවශ්‍ය නොවීය.
මැතී ඉතිහාසයේ මෙවැනි තත්ත්වයකට කණ්ඩායමක් මුහුණ දුන්නේ පළමු අවස්ථාවට බව මේ පිළිබඳව අදහස් දක්වන ක්‍රිකට් විචාරකයෝ පවසා තිබුණි.