ශ්රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා දඟ පන්දු යවන ක්රීඩක අබ්දුර් රසාක් කණ්ඩායමට කැඳවීමට බංග්ලාදේශ ක්රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.
මේ වනවිට ආබාධයකට ලක්ව සිටින ශකිබ් අල් හසන් වෙනුවෙන් මෙම කැඳවීම සිදු කිරීමට නියමිතය. අබ්දුර් රසාක් අවසන්වරට ටෙස්ට් තරගයකට ක්රීඩා කර ඇත්තේ 2014 වසරේදී කොදෙව් කණ්ඩායමට එරෙහිවය.
බංග්ලාදේශය වෙනුවෙන් එක්දින කඩුලු 200කට වඩා රැස්කර ඇති ක්රීඩකයන් තිදෙනාගෙන් එක් ක්රීඩකයෙකු වන රසාක් ටෙස්ට් තරග 12කට ක්රීඩා කර කඩුලු 23ක් දවාගෙන ගැනීමට සමත්ව ඇත.
මේ වන විට බංග්ලාදේශයේ පැවැත්වන පළමු පෙළ තරගාවලියේදී දක්ෂතා දක්වමින් සිටින ඔහු පළමු පෙළ කඩුලු 500ක් දවාගත් පළමු බංග්ලදේශ පන්දු යවන්නා බවටද පත්ව තිබේ.