ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ආරම්භවීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය වෙනුවෙන් නම් කළ ඉන්දීය සීමිත පන්දුවාර තරගාවලියේ යුවරාජ් සිං, ආර්. අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
ඊයේ (13දා) එම්.එස්.කේ. ප්‍රසාද්ගේ මූලිකත්වයෙන් රැස්වූ තේරීම් කමිටුව එක්දන තරග පහට හා විස්සයි20 තරගයට 15 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබේ. ශූරයන්ගේ කුසලාන තරගාවලයේදී මනීෂ් පාණ්ඩේට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස නම් කළ දිනේෂ් කාර්තීක්ද සංචිතයෙන් ඉවත්කර තිබේ.
මේ අතර ඉන්දීය ප්‍රධානම දඟ පන්දු යවන්නන් වන ආර්. අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජාගේ වැඩ කොටස කළමනාකරණය කිරීම වෙනුවෙන් සීමිත පන්දුවාර තරගාවලියේදී විවේක ගන්වා ඇත. එසේම ටෙස්ට් තරගාවලියේදී ඉන්දීය වේග පන්දු යවන්නන් ලෙස එක්වූ උමේෂ් යාදව් හා මොහොමඩ් සාමි එක්දින සංචිතයෙන් ඉවත් කර තිබේ. ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආබාධයක් හේතුවෙන් අහිමිවූ පාණ්ඩේ හා රාහුල්ටද සංචිතයේ ස්ථානය හිමිව තිබේ. වමතින් පන්දු දග පන්දු යවන ආක්ෂාර් පටේල්, පාදග පන්දු යවන යුෂ්වේන්ද්‍ර චහාල්, ශාදුර් ඨාකූර් දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක සංචිතයට ඇතුළත් අතර ඔහු ඉන්දීය සංචිතයට ඇතුළත්ව ඇති නවතම ක්‍රීඩකයා වෙයි.
කොදෙව්වන්ට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී විශ්‍රාම ගැන්වූ ජස්ප්‍රිට් භුම්රා නැවතත් කණ්ඩායමට පැමිණ තිබේ. එසේම එම තරගාවලියේදී විවේක ගැන්වූ රෝහිත්ද ශර්මාද සංචිතයට ඇතුළත් අතර ඔහු උපනායක ලෙසින්ද නම් කර තිබේ.
දඹුල්ලේදී අගෝස්තු 20 දා පැවැත්වෙන එක්දින තරගාවලියේන් සීමිත පන්දුවාර තරගාවලිය ආරම්භ වන අතර පසුව පල්ලෙකැලේ පිටියේ තරග දෙකක්ද කොළඹ තරග දෙකක්ද පැවැත්වෙයි. අවසන් එක්දින තරගය සැප්තැම්බර් 03 දා ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙයි. එක්දින තරගාවලියේ පසුව පැවැත්වෙන විස්සයි20 තරගය සැප්තැම්බර් 06 දා ආර් ප්‍රේමදාස පිටියේම පැවැත්වෙයි. ඉන් අනතුරුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ පළමුවරට කළ පූර්ණ තරගාවලිය නිමාවට පත්වෙයි.
ඉන්දීය සංචිතය - විරාත් කෝලි (නායක), ශිකර් දවාන්, රෝහිත් ශර්මා (උපනායක), ලෝකේෂ් රාහුල්, මනීෂ් පාණ්ඩේ, අජින්කේ රහානේ, කේඩර් ජාඩෙව්, මහේන්ද්‍ර සිංදෝනි (කඩුලු රකින්නා), හර්දික් පාණ්ඩ්‍යා, ආක්ෂාර් පටේල්, කුල්දීප් යාදව්, යුෂ්වේන්ද්‍ර චහාල්, ජස්ප්‍රිට් භුම්රා, භුවනේෂ්වර් කුමාර්, ශාදුර් ඨාකූර්