ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ අඛණ්ඩව නැවතත් දිනා ගැනිමට රිනවුන් සමත් වී ඇත. ඒ තරගාවලියේ තරග 13 කට සහභාගි වෙමින් ඉන් තරග 10 ක් ජයගනිමිනි. තරගාවලියේ සති 13 ක් අවසන් වන මොහොතේදී එකම අපරාජිත කණ්ඩායම ලෙස තවමත් වැජඹී සිටින රිනවුන්ට එරෙහිව ඉතිරි කණ්ඩායම් දක්වා ඇති එකම දක්ෂතාව වනුයේ තරග 3 ක් ජයපරාජයෙන් තොරව අවසන් කිරීම පමණී.
ඒ අනුව රිනවුන් ප්රසාද ලකුණු 33 ක් හිමි කර ගනිද්දී ඔවුන්ගේ ප්රධානතම ප්රතිවාදියා වනුවේ ප්රසාද ලකුණු 30 ක් ලබා සිටින , කොළඹ කණ්ඩායමයි. ඔවුන් තරගාවලියේ තරග 13 කට සහභාගි වෙමින් ඉන් 9 ක් ජයගෙන 3 ක් ජයපරාජනේ තොරව නිමා කොට ඇති අතර එක් තරගයක් පරාජය වී ඇත.
සහභාගි වූ තරග 13 ක් 6 ක් ජයගෙන හා 6 ක් ජයපැරදුමින් තොරව නිමා කරගත් ගුවන් හමුදාවට මෙහි තෙවැනි ස්ථානය හිමිවී ඇති අතර ඔවුන් එක් තරගයක් පරාජය වී ඇත.