අන්තර්ජාතික එක්දින පිටියේ වේගයෙන්ම කඩුලු 100 සම්පූර්ණ කළ ක්‍රීඩකයාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඇෆ්ගනිස්ථානු සුපිරි දඟපන්දු යවන්නා වන රෂීඩ් ඛාන් සමත් විය.
ඒ ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට පැවැත්වෙන එක්දින තරගාවලියේ බ.ඉ.කොදෙව්වන් සමග අද (25) පැවති තරගාවලියේ අවසන් මහා තරගයේදී ෂායි හෝප්ගේ කඩුල්ල දවා ගනිමිනි.
රෂීඩ් මෙම කඩඉම පසුකිරීම වෙනුවෙන් තරග 44ක් පමණක් වැය කොට තිබූ අතර, ඒ සමගින්ම තරග 52කදී මෙම කඩඉම පසුකර මීට පෙර වාර්තාවට හිමිකම් කියූ ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් දෙවැනි ස්ථානයට පත්විය.
මීට අමතරව මෙම කඩඉම පසු කිරීමට රෂීඩ්ට වැය වී තිබුනේ ඔහු අන්තරජාතික පිටියට පැමිණ වසර 2 දින158ක කාලයක් පමණක් වන අතර, මේ අනුව අඩුම කාලයක් තුළ මෙම කඩඉම පසුකළ ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානය රෂීඩ්ට හිමිවී ඇත. වසර 1 දින 225කින් මෙම කඩඉම ජයගත් පාකිස්තානු දඟපන්දු යවන ක්‍රීඩක සක්ලේන් මුෂ්ටාක් මෙම සටහනේ පෙරමුණේ පසුවේ.