සමාජ සවිබල ගැන්වීම, සුබසාධන සහ කන්ද උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ක්‍රිකට් ආයතනයේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා හෙළි කිරීමත් සමග ඔහුට ක්‍රිකට් දූෂණ පිළිබඳව ලිපිගොනු ලබාදුන් සේවකයන් ගැන සෙවීමට අභ්‍යන්තර මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
මෙහිදී එක්තරා ක්‍රිකට් ප්‍රධානියෙකු ගිණුම්කරණ අංශයට සහ පරිපාලන අංශයට පැමිණ එහි සේවය කරන පිරිස්වලට බැන වැදී ඇති බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය. මේ වන විට එම අංශ දෙක තුළ සේවය කරන සේවකයන්ගේ රැකියා අහිමි වීමේ වාතාවරණයක් උද්ගතව ඇතැයිද හෙළිවේ.
අප මේ සම්බන්ධව ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර, මේ පිළිබඳ ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොඩ්රිගෝ මහතා සඳහන් කළේ එවැන්නක් පිළිබඳව තමන්ට වාර්තා නොවුණු බවයි.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය වසර කිහිපය තුළදී (වත්මන් පරිපාලනය යටතේ) ක්‍රිකට් ආයතනයේ සිදු වූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා රැසක් හෙළි කළේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහිදී ඔහු වංචා, දූෂණ සහ අක්රමිකතාවලට අදාළ ලිපිගොනු රාශියක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ අතර, එම ලිපිගොනු එෆ්සීඅයිඩී, සීඅයිඩී, සහ අල්ලස් හෝ දූෂණ කොමිසමට ලබාදෙන බවත්, පාර්ලිමේන්තුව කැඳ වූ වහාම පාර්ලිමේන්තුවේ සභාගත කර ක්‍රිකට් සභාපතිවරයාගෙන් විවාදයක් ඉල්ලන බවත් පවසා සිටියේය.