රටවල් දෙකක් නියෝජනය කරමින් ලෝක කුසලාන දෙකක් සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලාංකිකයෙක් අතුළුව ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
2010 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ඇන්ඩ්‍රේ බෙරෙන්ජර් 2015 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් එක්දින ලෝක කුසලානයට ක්‍රීඩා කර තිබේ.
26 හැවැරිදි බෙරෙන්ජර් ශ්‍රී ලංකාවේ කොළඹ ක්‍රීඩා සමාජය, සීදූව රද්දොළුව ක්‍රීඩා සමාජය, සිංහල ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකි. ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන බෙරෙන්ජර් එක්දින තරග 10කට ක්‍රීඩා කර ලකුණු 205ක් රැස්කරගෙන ඇත.
රටවල් දෙකක් නියෝජනය කරන ක්‍රීඩකයන්
ජොනතන් ට්‍රෝට් (2000 19න් පහළ ලෝක කුසලානය දකුණු අප්‍රිකාව/ පසුව එංගලන්තයට පැමිණියේය. )
ගැරී බැලන්ස් ( 2006 වසරේ 19න් පහළ ලෝක කුසලානය සිම්බාබ්වේ/ පසුව එංගලන්තයට පැමිණියේය)
ග්‍රාන්ට් එලියට් (1998 වසර් 19න් පහළ ලෝක කුසලානය දකුණු අප්‍රිකාව / පසුව නවසීලන්තයට පැමිණියේය)
ඇන්ඩි කැඩික් (1988 වසරේ 19 න් පහළ ලෝක කුසලානය නවසීලන්තය/පසුව එංගලන්තයට පැමිණියේය.)
පීටර් බොරෙන් (2002 වසර් 19න් පහළ ලෝක කුසලානය නවසීලන්තය/ පසුව නෙදර්ලන්තයට පැමිණියේය)
ඉම්රාන් තාහිර් (1998 වසරේ 19න් පහළ ලෝක කුසලානය පාකිස්තානය/ පසුව දකුණු අප්‍රිකාවට පැමිණියේය.)
මයිකල් ලම්බ් (1998 වසරේ ලෝක කුසලානය දකුණු අප්‍රිකාව / පසුව එංගලන්තයට පැමිණියේය.)
ටිම් මුර්ටා (2000 වසරේ 19න් පහළ ලෝක කුසලානය එංගලන්තය / පසුව අයර්ලන්තයට පැමිණියේය.)
ක්‍රෙග් කීස්වෙටර් (2006 වසරේ 19න් පහළ ලෝක කුසලානය දකුණු අප්‍රිකාව/ පසුව එංගලන්තයට පැමිණියේය.)
ඇන්ඩ්‍රේ බෙරෙන්ජර් (2010 වසරේ 19න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාව / පසුව එකසත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණියේය.)
ලෝගන් වෑන් බීක් ( 2010 වසරේ 19න් පහළ ලෝක කුසලානය නවසීලන්තය / පසුව නෙදර්ලන්තයට පැමිණියේය.)
ඔයින් මෝගන් (2010 වසරේ 19න් පහළ ලෝක කුසලානය අයර්ලන්තය/පසුව එංගලන්තයට පැමිණියේය)
කොලින් ඩි ග්රැන්ඩමෝ (2004 වසරේ 19න් පහළ ලෝක කුසලානය සිම්බාබ්වේ නියෝජනය කළේය / පසුව නවසීලන්තයට පැමිණියේය)