ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට මුම්බායි කණ්ඩායම තීරණය කර තිබේ.
තරගාවලිය ආරම්භයේ පටන්ම මුම්බායි කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග මෙවර ක්‍රිඩක වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට කණ්ඩායම තීරණය කර තිබෙන්නේ මාලිංගට පසුගිය කාලසීමාව පුරාවටම පන්දුවෙන් දක්ෂතා දැක්වීමට නොහැකිවීම හේතුවෙනි.
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා වන්නේද ලසිත් මාලිංගයි. ඔහු තරග 110ක කඩුලු 154ක් දවාගෙන ඇත. වත්මන් අයි.පී.එල්. ශූරයන් වන්නේද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.
මේ වසරේ පැවැති තරගාවලියේදී තරග 11කට ක්‍රීඩාකළ ලසිත් මාලිංග එහිදී දවාගත්තේ කඩුලු 11ක් පමණි.
ක්‍රීඩක වෙන්දේසිය ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.