ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ 28 වැනි තරගය ලෙසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රයිසින් පූනේ සුපර්ජයින්ට්ස් කණ්ඩායම අතර ඊයේ (24දා) පැවැති තරගයෙන් පූනේ කණ්ඩායම ලකුණු 3ක ජයක් ලැබීය.
මුම්බායිහි වන්කඩේ ක්රීඩාංගණයේ පැවැති පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පූනේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6ට ලකුණු 160 ක් රැස්කිරීමට සමත්වූයේය.
ආරම්භක පිතිකරුවන් වූ අජින්කේ රහානේ හා රාහුල් ත්රීපති ආරම්භක කඩුල්ලට ලකුණු 76ක සබඳතාවක් ගොඩ නැංවීය. ලකුණු 161ක ජයග්රාහී ඉල්ක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී රැස්කළ හැකිවූයේ ලකුණු 157ක් පමණි.
නායක රෝහිත් ශර්මා ලකුණු ලකුණු 58ක් රැස්කිරීමට සමත්විය. මෙම තරගයටත් මාලිංගට ක්රීඩා කිරීමට අවස්ථාව නොලැබුණි. මෙම තරගයේදී හර්බජන් සිං ඉන්දිය ප්රිමියර් ලීග තරගාවලිය වෙනුවෙන් කඩුලු 200 සීමාව සම්පූර්ණ කළේය.