ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුනු දෙවැනි තරගයේ ක්‍රීඩා පිටිය වූ මිර්පූර් හී ශියා බංග්ලා ජාතික ක්‍රීඩා පිටියේ තණතිල්ල නියමිත තත්ත්වයට වඩා අඩු මට්ටමේ වූ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි. ඒනිසා මිර්පූර් ක්‍රීඩාංගනයට අවගුණ ලකුණු එක්වූු අතර එම නරක ලකුණ ඔවුන් හා වසර පහක කාලයකට පවතිනු ඇත.
මෙලෙස අවගුණ ලකුණු පහක් වසර පහක කාලය තුළ යම් ක්‍රීඩා පිටියකට එකත වුව හොත් එම පිටිය මාස 12ක කාලයකට අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වීමෙන් වළක්වනු ඇත.
දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට පෙරාතුව සහ පැවැත්වෙන අරතුර එම තණතිල්ල වියළි සහ දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතිල්ලක් වීම සම්බන්ධයෙන් කතාබහක් ඇතිවිය. එම තරගයේ සමස්ථ කඩුළු 38න් 30ක්ම දඟ පන්දු යවන්නන් විසින් ලබාගැනීමද සුවිශේෂ කොට දැක්විය හැකි කාරණාවකි.
මෙම තරගයේ තරග තීරක වූ ඩේවිඩ් බූන් තබන ලද සටහන්වලට අනුව, පළමු දිනයේ සිටම බෝලය පතිත වීමෙන් තණතිල්ල තුවාල වීම සිදුවූ බවත් මේ නිසා අනපේක්ෂිත ලෙස පන්දුව ඉහළ නැගීම සහ දඟකැවීම සිදුවූ බවත් දක්වා ඇත. ඒ අනුව ඩේවිඩ් බූන් ලියා ඇත්තේ මෙම පිටිය පන්දු යවන්නන්ට දැඩි ලෙස යෝග්‍ය කර සකසා ඇති මුත් පිතිකරුවන්ට තම දක්ෂතා දැක්වීමට සාධාරණ අවස්ථාවක් එම පිටියෙන් ලැබී නොමැති බවයි.
පළමු තරගය පැවැත්වූ චිතගොං පිටියද පිතිකරුවන්ට වඩා යෝග්‍ය වීම හේතුවෙන් අවගුණ ලකුණු ලැබීමත් සමග බංග්ලාදේශ ක්‍රිකට් කමිටුව මේ සම්බන්ධව දැඩි අර්බුදයකට මුහුණ දී ඇත.